ලාංකිකයින්ට අහිමි වූ ලෝක කනිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලිය
ශ්රී ලංකා කනිෂ්ඨ ක්රීඩක ක්රීඩිකාවන්, දෙමාපියන් සහ පුහුණුකරුවන් යුක්තිය ඉල්ලා ටොරින්ටන් ක්රීඩාංගනයේ මණ්ඩපයේ ඊයේ රාත්රියේ රැඳී සිටියහ.
අගෝස්තු 01 වැනිදා කැලි කොලොම්බියාවේ ආරම්භ වන ලෝක මලල ක්රීඩා කනිෂ්ඨ ශූරතාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම තරග කිරීමට නියමිතව තිබුණත් නියමිත වේලාවට නියමිත ගුවන් ප්රවේශපත්ර ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා කණ්ඩායම කොළඹ අතරමංව සිටිති.